බල්ලන් මරා හෝ සල්ලි සෙවීය යුතුය, නැති නම් බල්ලෙක් ලෙස මිය යා යුතුය. - මා දුටු ධනවාදය.

Sunday, July 8, 2012

ලක්ෂ 60-70 කට උපාදියක් මිලට ගත නොහැකි වුන් සඳහා පමණි

 
                අධ්‍යාපනය යනු මිනිසාගේ අයිතියක් යැයි යමෙකු පවසන්නේ නම් කිසිවෙකුත් එයට විරුද්ද නොවෙනවා ඇත. මන්දයත් සත්වයන් සියල්ල අතරින් මිනිසා සුවිශේෂ වන්නේ ඔව්න් සතුව ඇති ඉගෙනීමේ නැතහොත් යමක් දැනගැනීමේ ආශාව නිසාය. අධ්‍යාපනය යන අයිතිය ලංකාව තුල බෙදී යන ආකාරය මදක් විමසා බලමු. සුදු ජාතිකයන් ලංකාව අත් පත් කරගැනීමට පෙර පැවති පන්සල් ආශ්‍රිත අධ්‍යාපනය ක්‍රමය වෙනස් වන්නේ සුදු ජාතිකයන් පැමිණීමත් සමගය. සුද්දන් ලංකාව තුල පහිටවනු ලැබූ අධ්‍යාපනය ක්‍රමය සිමා වුයේ ඔවුන්ගේ දරුවන්ට ලාංකීය ධනපතියන්ට පමණි. නමුත් මෙම ක්‍රම වේද දෙකේම පවතී සමාන කම වුයේ එය පාලකයා ගේ හා ධනපතියගේ දරුවන්ට පමණක් ලබාගැනීමට ඇති හැකියායි.
                                            සාමාන්‍ය ජනයාට අධ්‍යාපනය සිමා කිරීම මා දකින්නේ අධ්‍යාපනය තුලින් පුළුල් වන ජනයාගේ තේරුම් ගැනීමේ හැකියාව බිද දැමීමත් එමගින් පාලකයාට තමන්ට අවශ්‍ය පරිදි රට පාලනය කිරීමට ඇති හැකියාවයි. ලංකාව නිදහස ලබන විටද සුද්දගේ අධ්‍යාපනය ක්‍රමවේදය තවදුරටත් කරගෙනයාමට ලාංකීය ධනපති පන්තිය සැදී පැහැදී සිටියහ. එවකට අධ්‍යාපනය ක්‍රමවේදය සකස් වුයේ පාලකයාගේ දරුවන්ට පමණක් අධ්‍යාපනය කරගෙන යාමට හැකි ආකාරයටය. දුප්පතාගේ දරුවට සිදුවුයේ ධනපතියාගේ ඉඩ කඩම් බලා කියා ගෙන ධනපතියන්ට වැඩ කිරීමටය.
                              මෙම ක්‍රමයේ පවතී අසාධාරණය  තේරුම් ගත් ඇතැම් නායකයින් ක්‍රමය වෙනස් කිරීම සදහා දැඩි කැපවීමක් කල අතර නිදහස් අධ්‍යාපන ක්‍රමවේදයක් රට තුල ගොඩ නැගිය යුතු බවට හඬ නගන්නට වුහ. මෙම සටනේ ප්‍රතිපලය වශයෙන් දුප්පත් පොහොසත් බේදයකින් තොරව සෑම දෙනාටම අධ්‍යාපනය ලැබිය හැකි ක්‍රමයක් ලංකාව තුල ස්ථාපිත විය. මෙම ක්‍රමයට පාලක පන්තියේ තිබු නොකැමැත්ත මේ දක්වාත් අඩු වී නැත. රජයේ උසස් නිලදාරියගේ සිට කම්කරුවාගේ දරුවා දක්වා පාසල් අධ්‍යාපනයේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා අධ්‍යාපනය හිමිවිය. ටික කාලයක් යාමේදී මෙම සමානාත්මතාවය ධනපතියට මෙන්ම පාලකයාට මහා හිසරදයක් විය. තම ධනවාදී ආකල්පයන්ට අනුව  රට පාලනය කිරීමට නොහැකි විය. සාමාන්‍ය ජනයාගේ බුද්ධි මට්ටම ඉහල යන්නට විය. ඕනෑම දෙයකට එහෙයි කියූ ජනතාව අඩු වන්නට විය. මේ හේතුන් නිසා දැඩි බාධක මද්‍යයේ ආරම්භ කල නිදහස් අධ්‍යාපන ක්‍රමවේදය විනාශ කිරීමට උත්සාහ දරන පිරිස තම උත්සාහය තවමත් අවසාන කොට නැත. අතීතයේ සිට මේ දක්වා නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට යොදා ගන්නා ප්‍රධාන අවිය වන්නේ පුද්ගලික අධ්‍යාපන ආයතන ව්‍යාප්ත කිරීම හා නිදහස් අධ්‍යාපන ආයතන සදහා ලබා දෙන පහසු කම් අඩු කිරීමයි.

                                                         
                                       මෙම සුපිරි අධ්‍යාපන වෙළඳ සැල් මගින් අධ්‍යාපනය මිලට ගත හැක්කේ සමස්ථ ජනගහනයෙන් ඉතා සුළු පිරිසකට වීම, ඒවා ආරම්භ කිරීමේ අරමුණ මොනවට පැහැදිලි කරයි. මේ වන විට ලංකාව තුල නිදහස් අධ්‍යාපන ක්‍රම වේදයට අනුව ක්‍රියාත්මක වෙන පාසල් පවතින්නේ නම් එය ඉතා සුළු සංඛ්‍යාවකි. ග්‍රාමීය පාසල් දිනෙන් දින වැසෙන අතර නාගරික පාසල් මගින් විවිධ හේතුන් මත සිසුන්ගෙන් අය කරන ගාස්තු වැඩි වෙමින් පවතියි. මෙය නිදහස් අධ්‍යාපන ක්‍රමයට කොතරම් දුරට ගැලපේදැයි සොයා බැලීමට වටී. පාසල් සිසුවාගේ හුණු කුරේ සිට විශ්ව විද්‍යාල සිසුවාගේ නවාතැන්පල ගාස්තු දක්වා ගාස්තු අය කරන අතර, විශ්ව විද්‍යාල සිසුන්ට මහපොළ මාස ගණනකින් ලැබී නැත. ඉහත ගැටළු වලට විසදුම් සොයනවා වෙනුවට පුද්ගලික විශ්ව විද්‍යාල කුමන බාධක මද්‍යයේ වුවද අරඹන බවට සපත කරමින් තම පන්තියේ වුවමනා එපා කම් ඉටුකර ගැනීමට උත්සහ දැරීම වර්තමාන සමාජයේ පාලකයාගේ යථාර්තය වී ඇත.
                                  නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමේ සැලසුම ක්‍රියාත්මක වන්නේ අද ඊයේ සිට නොව එය ආරම්භ කල දා පටන්ය. අසුව දශකයේ පුද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීමට යාමේදී ඊට විරුද්ධව නැගී සිටි විශාල සිසුන් පිරිසක් ඝාතනය කල අතර. මෙම සිසුන්ගේ කැපකිරීම් වල ප්‍රතිපලයක් ලෙස එවකට ගෙන ඒමට නියමිතව තිබු පුද්ගලික විශ්ව විද්‍යාල හකුලා ගැනීමට පාලකයාට සිදු විය. එදා හකුලා ගනු ලැබූවද වර්තමානයේ නැවත හිස ඔසවා ඇත. මෙම ගැටළුකාරී වාතාවරණයට විරුද්ධ වීමට විනා එය තේරුම් ගැනීමට හැකි පිරිසක් නැති වීම කණගාටුදායක කරුණකි. 
                            අප රට තුල බොහෝ දෙනෙකුගේ දැනුමට අනුව ඔවුන් සිත සිටින්නේ නිදහස් අද්‍යාපනය යනු පාලකයා විසින් බන්දේසියක දමා මෙරට දරුවන්ට දායාද කරන ලද්දක් බවයි, එය එසේ නොවන බව අතීතය අවුස්සා බලන්නෙකුට මනාව පැහැදිලි වේ. අතීතයේ විරුවන්ගේ ලේ දහඩිය මතින් තවමත් නිදහස් අධ්‍යාපනය ඉතිරි වී ඇත එය තව කොතරම් කාලයක් ඉතිරි කර ගන්නේද යන්න තීරණය කිරීම අප සතු කාර්යයකි.

No comments:

Post a Comment