එස් බී දිසානායක යනු මේ දින වල රට පුරා ඇසෙන නම් අතරින් ප්‍රධාන නමකි. එනම්
එය එසේ වුයේ උසස් අධ්‍යාපනය නමැති මාතෘකාව තීරණාත්මක මොහොතක පැවතීම හා එස්
බී එය භාර ඇමති වීම නිසා වේ. වර්තමාන ආණ්ඩුව සතුව ඉතිහාසයේ විශාලතම ඇමති
මණ්ඩලය සිටියත් එස් බී වැන්නෙකුට උසස් අධ්‍යාපනය භාර දීම එක්තරා ආකාරයකට
ගැටලුවකි. ඔහුගේ කාලය ගත් විට එම කාලය තුල ඔහු, ඔහුගේ විෂයට කල සුභදායි
දෙයක් නැත. හුදෙක් අර්බුධ පමණක් ඉතිරි වූ අමාත්‍යංශයක් ඔහු සතුව ඇත. z ලකුණ
කවදාවත් හරි ගැස්සවිය නොහැකි අඩියක තිබියදී, පේපරයටද කෙලවා ඇත,
විශ්වවිද්යාල විවෘත වන පාටක්ද නැත. එස් බී ට මේවා විහිළුවකි, මාධ්‍ය
ඉදිරිපිටදී ඔහු හොඳ විකට නළුවෙකි, අධ්‍යාපනය යන තැනදී අසරණ වූ සිසුවාට මේවා
දකින විට ඇතිවන සන්තාපය සුළුපටු නොවේ. වගකිය යුත්තාගේ හැසිරීම මෙසේ වී
තිබියදී ඔහුට ගැලපෙන විෂයක් ලබාදීමට තරම් අර්බුධය ගැන වැටහීමක් ලොක්කාට
නැත, පුද්ගලිකව ගත් කල ඔහුගේ පුතා නම් වාර්තා තැබීමට සුදානමකින් සිටියි.
එහෙත් ඔහුට කතිරය ගැසූ ගමේ මිනිසාගේ දරුවාගේ අසරණ කම ඔහුට විහිළුවකි.
අනිත්වාට මහා පරිමාණයෙන් වියදම් කිරීමට පසුබට නොවන ආණ්ඩුවට, අධ්‍යාපනය
වෙනුවෙන් 6% ක් යනු මාස ගණන් සිතිය යුතු ගැටලුවකි. ආසියාවේ ආශ්චර්යය යනු
සමස්ත අධ්‍යාපන පද්ධතියම වැසිකිලි වලක් කිරීමටද?, යන්න ලොක්කාගෙන් ඇසිය
යුතුය.
එස් බී ගෙදර යනු, විරෝධතා වලදී ප්‍රධාන සටන් පාටයක් වී ඇත, එස් බී ගෙදර ගිය පමණින් ගැටලුව විසදේද යන්න ගැටලුවකි. අපි වරද්දා ගන්නේ මෙතනදීය. මන්දයත් එස් බී ට බාර කටයුත්ත ඔහු හොඳින්ම කරගෙන යයි. කුමන හේතුවක් මත හෝ ඔහු වෙනුවට වෙන කෙනෙකු මාරු උවත් සිදුවන ක්‍රියාදාමයේ වෙනසක් බලාපොරොත්තු විය නොහැක. සමස්ත අධ්‍යාපන පද්ධතිය ගැන ජනතාවගේ විශ්වාසය පිරිහෙමින් පවතියි. එනම් දැනට ඉතිරි වී පවතින නිදහස් අධ්‍යාපනයේ මළගම වැඩි ඇතක නැත. එදා වේල අමාරුවෙන් සොයා ගන්න මිනිසුන් සිටිනා රටකට ජාත්‍යන්තර පාසල්, පුද්ගලික විශ්වවිද්යාල සදාකාලික සිහිනයකි. එසේ නම් නිදහස් අධ්‍යාපනයට පයින් ගසා ගෙන ඒමට යන ක්‍රියාවලිය කුමක්ද? හැමදාම තාත්තලා පුතාලට ආණ්ඩු කරගෙන යාමට හැකි මුග්ධ පරපුරක් ගොඩ නැගීම නොවේද? ලෝක බැංකුව කියන්නේද, ආසියානු සංවර්දන බැංකුව කියන්නේද මේ ආකාරයටමය, මේ ක්‍රමය ඔවුන්ගේ අදිරාජයවාදය වපුරන වියපෘති වලට කදිම තෝතැන්නකි. යථාර්තය වී ඇත්තේ නිදහස් අධ්‍යාපනය රටේ ජනතාවගෙන්ම එපා කියන තත්වයට අධ්‍යාපන පද්ධතිය ගෙන ඒමයි. එක දිගට සිදුවන වැරදීම් අහබුවක්යයි මේ වාතාවරණය තුල කිසිවෙකුටත් කිව නොහැක. එස් බී ගෙදර ගිය පමණින් මෙය ඉවර වන්නේ නැත. මෙම ක්‍රියාදාමය සිදුවන ආකාරයේ යම් වෙනසක් පමණක් බලාපොරොත්තු විය හැක.
නිදහස් අධ්‍යාපනය තීරණාත්මක මන් සන්දියකට පැමිණ ඇත. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පමණක් නොව සිසුන්ද අරගලයක යෙදෙන්නේ නිදහස් අධ්‍යාපනය සුබදායී මාවතකට හැරවීමටය, මේ මොහොත නැවත අපට ලබා ගත හැකි වෙයි කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැක. අධ්‍යාපනයට 6% ක්, අධ්‍යාපනයේ සාර්ථකත්වය ගැන සිහින දකින්නෙකුට දැකිය හැකි හොඳම සිහිනයකි. මෙම ඉල්ලීම ආණ්ඩුව තුට්ටුවකට මායිම් කර නැත, අඩුම තරමින් එය ලබා නොදිමට හේතු පවා ඔවුන් ප්‍රකාශ කර නැත. නලින්ද සිල්වාට අනුව 1.8% ත් වැඩි ගණනකි, ඔහු කියන්නේ මෙම අධ්‍යාපන ක්‍රමය තුල රටට සිදු වූ යහපතක් නැති බවයි. යහපතක් සිදු වී නැත්නම්, යහපතක් සිදු කිරීමට හැක්කේ, තිබෙන ගන්නත් අඩු කර නිදහස් අධ්‍යාපනය විනාශකර දමා, පුද්ගලික අධ්‍යාපනය රට තුල පිහිටුවා ඇති හැකි මිනිසුන්ගේ දරුවන්ට පමණක් ඉගෙන ගැනීමට හැකි අධ්‍යාපන ක්‍රමයක් පිහිටුවීමෙන්ද යන්න ගැටලුවකි. යුක්ති එකධිර ITN හිදී, සරසවි සිසුවෙකු ලෙස කියන්නේ සිසුවාගේ ඔවුන් සරසවියට පැමිණියේ අරගල කිරීමට නොවන බවයි, අරගල කිරීමට හේතුවක් නැති තැන අරගල නොකළ යුතුය. නමුත් අරගලයක් කල යුතු තැනක ඇස් කන් පියා සිටීම පිරිමියෙකු හෝ ගැහැනියක් නොවන මිනිසෙකුගේ ලක්ෂණයකි. යුක්තිලා බුලේගොඩලා වැටෙන්නේ මේ ගණයටය, ආණ්ඩුවේ සීනිබෝලයද ඔවුන්ට ලොකු දෙයක් වී තිබේ.
මේ මොහොතේ සිදුවෙමින් පවතින ආචාර්ය වැඩ වර්ජනය සම්බන්දයෙන් ආණ්ඩුව දිගින් දිගටම කියා සිටින්නේ මෙය හුදෙක් පඩි වැඩි කර ගැනීම පමණක් ය කියාය, මෙමගින් පැහැදිලි වන්නේ ආණ්ඩුව ආචාර්යවරුන්ගේ ඉල්ලීම් පවා හරි හැටි වටහා නොගෙන ඇති බවය. ඒ තරම්වත් ඔවුන් මේ දෙස අවදානය යොමු නොකරන්නට ඇත. ඔවුන්ගේ වැටුප් සම්බන්දයෙන් ඇති ගැටළු පසෙක තබා සමස්ත අධ්‍යාපනයේ ගැටළු වලට පමණක් පිළිතුරු සොයයි. එස් බී අධ්‍යාපනය වෙනුවෙන් කල එකම දෙය නායකත්ව පුහුණුවක් යයි කියමින් ආණ්ඩුවේ නවක වදයකට සිසුන් යොමු කිරීමයි, මෙයට සහභාගී නොවූ සිසුවාට සරසවි යාමට නොහැක, . තවද මේ සඳහා සහභාගී වුවන්ට ලැප් ටොප් ලබා දෙන බව කීවත් ලැප් ටොප් තියා පරණ ඩෙක්ස්ටොප් එකක් වත් ලබා දී නැත. එක පැත්තකින් තරවටු කරන අතර අනිත් අතින් බොරු පොරොන්දු දෙමින් සිසුවා මුලාකරයි. මෙහි අතුරු ප්‍රතිපලයක් ලෙස අබාදයකට ලක්වූ නවක සිසුවියක් වෙනුවෙන් වන්දි ගෙවීමට සිදු වුයේ රුහුණු සරසවියේ ජෙෂ්ට සිසුවියන් දෙදෙනෙකුටය, ඔවුන්ට තවමත් නිදහස ලැබී නැත, නායකත්ව පුහුණුවෙන් සිදුවූ අබාදය මෙම සිසුවියන් දෙදෙනාට ලඝු කොට ඇත. යථාර්තය වී ඇත්තේ තවත් යුක්තිලා පිරිසක් බිහිකරමින් ගැත්තන් පිරිස වැඩි කර ගැනීමට ආණ්ඩුව උත්සහ කිරීමයි.
මීට දින කිහිපයකට පෙර පැවති, "ජනපති ජන හම්වුවෙදී" ලොක්කා හැගීම් බර වදනින් පැවසුවේ මේ රටේ දරුවන්ට ඔහු කිසිදා අසාධාරණයක් නොකරනු ඇති බවයි. ඇස් පනාපිට නිදහස් අධ්‍යාපනය නමැති නැව ගිල්වමින් ඔහු මෙසේ කියන්නේ තවමත් මිනිසුන් ඔහු කෙරේ තබා සිටිනා අන්ද විශ්වාසය හේතුවෙනි. ඔහුගේ කතාවේ අන්තර්ගතය කුමක් වුවත්, හැගීම් බර වදන් වලට මිනිසුන් රැවටී ඇත, තවමත් බොහෝ දෙනා සිතා සිටින්නේ ආචාරය අරගලයේ සම්පුර්ණ වැරද්ද ඇදුරන්ගේ කියාය, හුදෙක් මෙයින් පැහැදිලි වන එක දෙයක් ඇත එනම් කොපමණ දැනුවත් කිරීම් සිදු වුවද ආණ්ඩුවේ වැරද්ද පිලිගැනීමට හැකි ජනතාවක් තවමත් නිර්මාණය වී නොතිබීමය. නලින්ද සිල්වා කියන පරිදි මේ අවස්ථාවේ වටින්නේ රණවිරුවා පමණක්ය, රණවිරුවා කියූ සැනින් ජනතාවට මුලින්ම හිතට එන්නේ ලොක්කාය, නැත්නම් ලොක්කාගේ මයිලනුවන්ය, මේ ආකාරයේ මානසික ප්‍රහාරයකට ජනතාව මුහුණ දී ඇත. ජනයා ඉදිරියේ තවත් අබියෝගයක් තබා ඇත. එනම් දෙමළාට එරෙහිව කල සටන මුසල්මානුවටද එල්ල කිරීමයි. ඉතින් කොහෙන්ද අධ්‍යාපනයක් ගැන හිතන්න ඉඩක්.
කෙසේ වෙතත් විශ්වවිද්යාල අර්බුධය හරහා සටනට පැමිණ සිටිනා ආචාර්යවරුන් හා සිසුන් ගේ දිගින් දිගටම සිදුවන බලපෑම මේ වන විට ආණ්ඩුවට දැනී ඇත. ප්‍රගතිශීලී ජනතාව හරහා ගොඩ නැගෙන බලවේගය පුළුල් වෙමින් පවතී, ආචාර්යවරුන්ගේ පාර්ශවයෙන් නලින්ද සිල්වලාද හා සිසුන්ගේ පාර්ශවයෙන් යුක්ති එකධිරලාද උත්සහ කරන්නේ මෙම සටන අවුල් කිරීමටයි. අරගලයකදී යම් යම් පරිත්‍යාග කිරීමට සිදුවෙයි, ශිෂ්‍යයන් ලෙස අපගේ උපාධිය තවත් අවුරුද්දක් පස්සට යාමට ඉඩකඩ තිබුනත් සමස්ත අධ්‍යාපන පද්ධතියක් වෙනුවෙන් අපට ඒ කැප කිරීම කල යුතුව ඇත, නැතහොත් නිදහස් අධ්‍යාපනය යටතේ අධ්‍යාපනය ලබන අවසාන පරපුරද අපි විය හැක. එස් බී ගෙදර යැවූ පමණින් සියල්ල යථා තත්වයට පත් වෙන්නේ නැත. ශ්‍රී ලාංකිකයාට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයකින් පමණක් මේ සියලු ගැටළු විසඳ ගත හැක. මෙවැන්නක් නිකන් ලබා දීමට පාලකයා පෙලෙබෙන්නේ නැත, ඒ සඳහා අරගල කල යුතුය, ඒ සඳහා කාලය එලබ ඇත.

No comments:
Post a Comment